Ma Itin Yanna Yanawa song lyrics- Ridma Weerawardena



  මා ඉතින් යන්න යනවා

Ma Itin Yanna Yanawa song lyrics

නුඹ සඳක් වෙලා පායා - මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි - මට අයිති කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින් යන්න යනවා - මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ - ඒ මතකය විතරයි

සඳ එලිය අයිති ලොවටයි - සඳ අයිති අහසටයි
ඉනි කඳුළු බිංදු විතරක් - මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා - මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ - ඒ මතකය විතරයි






Vocals :  Ridma Weerawardena    
Melody :  Dr. Rohana Weerasinghe
Original Singer :  Sunil Edirisinghe  
Lyrics :  Rathna Sri Wijesinghe
Guitars : Buddhika Perera  
Flute : Pasindu Sanjana
New Music Arrangements | Mixing  and Mastered : Mahiru Senarathne
Starring : Ridma Weerawardena
Dinuki Athapaththu
Waruna Damruwan
Lalith Malavirachchi
Chathurika Lakmali
Ishara Dilhani

90 දශකයේ අග භාගයේදී මා ගායන ශිල්පි සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් නිර්මාණය කළ මේ ගීතය එදත් අදත් එකසේ ජනප්‍රියයි.කිවිදු ආචාර්ය රත්නශ්‍රී ව්ජේසිංහයන්ගේ ආකර්ශනීය පදවැල දුටු සැනින් මා සිතට ආ මේ මධුර තනුව රිද්ම වීරවර්ධන වැනි අද පරපුරේ අතිශයින් ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ අවධානයට ලක්වීම ගැන මා ඉමහත් සතුටට පත්වුනා.මහිරු සේනාරත්න තරුණ සංගීතවේදියාගේ නව සංගීත සංයෝජනයෙන් හා රිද්මගේ සුමධුර ගායනයෙන් අලුත් මිහිරක් ගීතයට එකතුවී තියෙනවා.

Official Lyric Video: Ma Itin Yanna Yan...  

Post a Comment

0 Comments