Malathi nubai sinhala Song lyrics

 Malathi nubai / Lakshman hilmi / මාලතී නුඹයි / ලක්ෂ්මන් හිල්මී

 මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
ජීවිතේ දුකයි ගලන්නෙ කදුළු මල් තමයි
කදුළු මල නුඹයි දැන්නම් සුවද නැති හැඩයි
අසම්මත පෙමක නුඹ කවිය වී හඩයි
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි

ලැමට තුරුලුවු ගෝමර සදට අත වනයි
මනමාලකම් කරන රෑ සද නුඔට තුරුලුවෙයි //
බාල බොලද නු‍ඹේ හිතට සුවද හාදු දෙයි
හාදු දෙතොල් පෙතිවල කිරි සුවද ගලා යයි 

මාලතී නුඹයි........

සද එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි
කෝල කොමල රුව නුඔගේ අතින් අතට යයි //
කාසි කොළවලට සෙයිලෙමේ රැය පහන් කරයි
හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි

මාලතී නුඹයි........
Malathi nubai lyrics 

Post a Comment

0 Comments